Home News Politics “ජූලි 29 අපේ රටට අවාසනාවන්තම දිනයක්” – හිටපු ජනපතිවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

“ජූලි 29 අපේ රටට අවාසනාවන්තම දිනයක්” – හිටපු ජනපතිවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

148 views
SHARE

එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දීම ඉතාමත් අවාසානාවන්ත සිදු වීමක් වශයෙන් සැලකිය හැකි බවද ජූලි 29 දින මේ රටට අවාසනාවන්ත සිදු වීම් ඇති කරන දිනයක් බවට පත්ව ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (29) සවස තංගල්ල කාල්ටන් නිවසේදී කියා සිටියා.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවා.

එහිදී තව දුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,

“හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරම්පරා ගණනක් හම්බන්තොට වරාය ගැන සිහින දැක්කා. මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ, චමල් රාජපක්ෂ වගේම එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුලරත්න වැනි නායකයන්ද හම්බන්තොයට වරාය ඉදිකරීම පිළිබදව සිහින දැක්කා. ඒ සිහිනය මට සැබෑවක් කරන්න පුළුන්කම ලැබුණා. මට අද දිනය ඉතාමත් කණගාටුදායක දිනයක්.”

“නිසි කළමණාකරනයක් යටතේ ලාභ ලැබිය හැකි හම්බන්තොට වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට බදු දීම පරම්පරා ගණනකට චීන සමාගමට බදු දීමක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ඉඩම් ජනතාවට ලබා දී තියෙන්නේත් 99 අවුරුදු බදු ගිවසුම් යටතේයි. එම ඉඩම් වල පරම්පරා කීයක් නම් ජීවත් වෙනවාද?

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ජාතික සම්පත් පාඩු ලබන තත්වයට ගෙනත් විකුණා දැමීමයි. නැත්නම් මත්තල ගුවන් තොටුපල වී ගබඩාක් කරන්නෙ නෑ.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site