Home News Breaking යාපනයේදී යතුරුපැදි 4කින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාරයක් එල්ල කරයි

යාපනයේදී යතුරුපැදි 4කින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාරයක් එල්ල කරයි

227 views
SHARE

යාපනය කෝපායි පොලිස් වසමේ නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී අද (30දා) පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.

තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි කෝපායි පොලීසිය සඳහන් කළේ.

කෝපායි කොකුවිල් මාර්ගයේ නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී අද (30දා) දහවල් මෙම පහර දීම සිදු කොට ඇති අතර, අදාළ සිදුවීමට මුහුණ පා ඇත්තේ සිංහල හා දෙමළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා කෝපායි ප්‍රදේශයේ පැමිණිළි විභාග කිරීමට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී යතුරුපැදි 4කින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී ඇති අතර, එහිදී කැපුම් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය සඳහන් කරනු ලැබුවා.

මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ මන්නාරම් මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි සුරෙන් හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දම්මික නැමති කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදුන් පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, එම පිරිස් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද කෝපායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site