Home C Gossip ඉන්දීය ක්‍රීඩකයන්ට දවා ගැනීමට නොහැකි වූ එකම පිතිකරුවා මෙන්න

ඉන්දීය ක්‍රීඩකයන්ට දවා ගැනීමට නොහැකි වූ එකම පිතිකරුවා මෙන්න

7,833 views
SHARE

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ගාල්ලේ දී පැවැත්වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලකුණු 304කින් ජය ගත්තා.

ඉන්දියාව තම රටෙන් බැහැරක දී ලබා ගත් දැවැන්ත ජග්‍රහණයද මෙය වන අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්තම ටෙස්ට් පරාජයද මෙය ලෙස වාර්තා පොත් අතරට එකතුවෙනවා.

ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 600ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 291යි.

දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 3කට ලකුණු 240ක් ලබා සිටියදී ඉන්දියාව ඉනිම අත්හිටවනු ලැබුවා. ඒ අනුව ශ්‍රීලංකාවට ලකුණු 550ක ඉලක්කයක් ලැබුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එහිදී ලබාගත හැකි වූයේ ළකුණු 245ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම දෙකේදීම එක ක්‍රීඩකයෙක් දවා ගන්නට ඉන්දියාවට හැකි වුයේ නැහැ .

ඒ දිල්රුවන් පෙරේරායි.

ඔහු පළමු ඉනිමට නොදැවී ලකුණු 92ක් රැස් කළා. දිල්රුවන් සමග පළමු ඉනිමේ දී ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර පන්දුවට පහර දුන්නා.

දිල්රුවන් දෙවැනි ඉනිමේ දීද පන්දු 50කින් ලකුණු 21ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් ද සමගින්.

එම ඉනිමේ දී දිමුත් කරුණාරත්න, නුවන් ප්‍රදීප් මෙන්ම ළහිරු කුමාරත් ඔහුගේ සහයට සිටියා.

දිල්රුවන් මේ වනවිට ටෙස්ට් තරග 18කදී ඉනිම 32කදී ලකුණු 649ක් හිමි කරගෙන තිබෙනවා.

ටෙස්ට් තරගයකදී ලබා ඇති උපරිම ලකුණු සංඛ්‍යාව 95ක්. ඒ 2014 ජනවාරි 16 පකිස්ථානයට එරෙහිව ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site