Home News Breaking CID ය දෙමළ සන්ධානයේ තිදෙනකුගෙන් ප්‍රශ්න කල හේතුව මෙන්න

CID ය දෙමළ සන්ධානයේ තිදෙනකුගෙන් ප්‍රශ්න කල හේතුව මෙන්න

60 views
SHARE

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මුලතිව් සංචාරයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හා තවත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් ඇතුලූ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව ඊයේ (31) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය සඳහන් කළා.

මාධ්‍ය හමුවකදී භික්ෂූන් වහන්සේ නමකට අපහාස කිරීමක් හා ජනාධිපතිවරයාගේ මුලතිව් සංචාරය ගැන තර්ජනාත්මකව කතා කළැයි කියන සිද්ධියක් ගැන ලැබුණු පැමිණිලි අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු කොළඹ සිට යාපනය මුලස්ථාන පොලිසිය වෙත පැමිණ මෙම ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් මත පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම් කේ සිවාජිලිංගම්, එම් ත්‍යාගරාජා, සහ එස් පසුපතිපිල්ලේ යන අය ඊයේ පෙරවරු 8.00 ට යාපනය මුලස්ථාන පොලිසිය වෙත පැමිණ සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 1.00 දක්වා සිදුකළ බව එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site