Home News Breaking අද මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල තහනම් මෙන්න කථාව

අද මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල තහනම් මෙන්න කථාව

4,953 views
SHARE

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලු පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන සැප්තැම්බර් මස 2 වන දින දක්වා එම තහනම බල පැවැත්වෙන බවයි.

මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම ද සපුරා තහනම් වනු ඇති.

යම් ආයතනයක් හෝ අයෙක් එම නියෝග නොතකා ක්‍රියා කළ හොත් එම තැනැත්තා හෝ ආයතනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site