Home News Breaking වාසනා හස්තියාගේ දෑස් අන්ධ නොකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි

වාසනා හස්තියාගේ දෑස් අන්ධ නොකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි

501 views
SHARE

කතරගම මහා දේවාලයේ දේව පිළිමය වැඩම කරවන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවෙන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවඳ වර්ග විසි කිරීමෙන් වළකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් බාරව කටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැගෙනහිර පළාත් බාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

“පෙරහර පිටත් වීමට පෙර දේවාල භූමියේදීත් පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණි විටත් බැතිමතුන් තමන්ගේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට දෙවියන් සහිත කරඬුවට සුවඳ විලවුන් විදීම සහ සුවඳ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය කරඩුවට විසි කරනවා.මේවා ඇතාගේ ඇස් වලට වැටෙනවා.ඒ නිසා මෙම ඇතා පෙරහැරේ ගමන් කරන්නේ ඇස් කඳුලින් තෙත් වෙලයි.මේ තත්ත්වය දිගටම පැවතියොත් මෙම ඇතාගේ ඇස් අන්ධ වෙන්න පුලුවන් එම නිසා මෙම ක්‍රියාව නොකරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.”යැයි වෛද්‍ය ධර්මකීර්ති කියා සිටියා.

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ දේවාල බලධාරින්ද දැනුවත් කර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site