Home News Sports නුවන් ප්‍රදීප්ගේ තීරණය හෙට ඉන්දියාව සාර්ථක ඉනිමක

නුවන් ප්‍රදීප්ගේ තීරණය හෙට ඉන්දියාව සාර්ථක ඉනිමක

5,101 views
SHARE

දෙවැනි දිනයටත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දඬුවම් දීම දිගටම කරගෙන යන ඉන්දීය පිතිකරුවෝ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද දිවා ආහාරය වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 442 ක් රැස්කරගෙන තිබිණ.

කඩුලු 5 ක් බිඳ වැටුණ නමුත් වඩාත් ස්ථාවර පිතිකරුවන් වන රිදිමන් සහා සහ හර්දික් පාණ්ඩ්‍යාට වඩා පිතිකරු ලයිස්තුවේ ඉහළින් පැමිණි රවිචන්ද්‍රන් අශ්වින් අද දිනයේදී සාර්ථකව කඩුලු අතර සම්බන්ධතා ගොඩනැඟීවේ වගකීම බාරගත්තේය. අජින්ක්‍යා රහනේ සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක් එක්කළ අශ්වින් හයවැනි කඩුල්ල වෙනුවෙන් රිදිමන් සහා සමග එක්ව ගොඩනංවා තබූ අඛණ්ඩ සම්බන්ධතාව 29 කි.

ඊයේ සවස ලබාගත් දෙවැනි නව පන්දුවෙන් අද පෙරවරුවේදී සාර්ථක පන්දු යැවීමක නිරත වූ දිමුත් කරුණාරත්න ඉතාමත් අගනා පන්දුවකින් චෙටේස්වාර් පුජාරා දවාගත්තේය. පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් පන්දුව දෝලනය කරන දිමුත් කරුණාරත්න අද පෙරවරුවේදී ශ්‍රී ලංකා නායකයා සතුව සිටි එකම මඳවේගී පන්දු යවන්නා වූයේය. දෙවැනි නව පන්දුවෙන් පන්දු 4 ක් පමණක් යැවීමෙන් පසුව පාදයේ ආබාධයක් නිසා ක්‍රීඩාගාරයට ගිය නුවන් ප්‍රදීප්ට අද දිනයේ පන්දු යැවිය නොහැකි විය.

ප්‍රදීප්ගේ පාදයේ කලව පිටුපස මස්පිඬුව ඇදී තිබීම නිසා ඔහුට මෙම ඉනිමේදී පන්දු යැවිය නොහැකි අතර ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් පසුව හෙට පෙරවරුවේදී තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ පවසයි.

පළමු පෙළ කඩුලු 500 ක් ඉක්මවා ලබා සිටින නමුත් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන මාලින්ද පුෂ්පකුමාරට පළමු කඩුල්ල දවාගැනීම සඳහා ඕවරය 23 ක් යැවීමට සිදුවිය. පුෂ්පකුමාර හමුවේ සීමාවෙන් ඉවතට පැමිණ පහර දීමට ගිය අජින්ක්‍යා රහනේ ලකුණු 132 ක් රැස්කිරීමෙන් පසුව දැවී යන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්ව තිබිණ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site