Home News Breaking උසස් පෙළ විභාගයට සියල්ල සුදානම් වෙද්දී විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ පණිවිඩයක්

උසස් පෙළ විභාගයට සියල්ල සුදානම් වෙද්දී විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ පණිවිඩයක්

319 views
SHARE

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උසස් පෙළ විභාගය ලබන 8 වනදා ආරම්භ වීමට නියමිත අතර ඩෙල්ෆ්, කයිට්ස්, නයිනතිවු දූපත් ප්‍රදේශද ඇතුළුව දිවයින පුරා මධ්‍යස්ථාන 2230කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කලේ.

විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 260 දෙනෙකු ද ඇතුළත්ව මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 15,227 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාග පරිපාලන කටයුතු සඳහා නිලධාරීන් 28,000ක් යොදවා ඇති බවද සඳහන්.

විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන බැවින් සියලු අයදුම්කරුවන් විභාග ප්‍රවේශ පත්‍රය සමඟ සිය ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන පෙ.ව.8.00 ට පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.

කිසියම් අයදුම්කරුවෙකු ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් ශාලාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

එවැනි වංචා සිදුකරන අයදුම්කරුවන්ට වසර 5ක් විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන කිසිඳු විභාගයකට පෙනී සිටීමේ හැකියාවක් නොලැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර වැඩි දුරටත් කියා සිටියා.

එමෙන්ම විභාග ශාලා තුළ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් කිසියම් අයෙකු විසින් සිදුකරන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site