Home News Breaking උමා ඔයේ ජල කාන්දුවට හේතුව හෙළිවූ හැටි

උමා ඔයේ ජල කාන්දුවට හේතුව හෙළිවූ හැටි

509 views
SHARE

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයා සිය අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී එය භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

නිසි ශක්‍යතා අධ්‍යනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනකින් තොරව එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමගෙහි ජලය කාන්දුවීම හා භූගත ජලය සිදීයාම සිදුව ඇති බවයි එම විශේෂඥයා පෙන්වා දී තිබෙන්නේ.

උමගේ කැනීම් කටයුතුවලදී එය වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේප කර ජලය කාන්දුවීම වැලැක්වීම පමණක් ප්‍රමාණවත් වී නොමැති බව ද ඔහු සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

උමගේ ඉතිරි කැණීම් කටයුතුවලට පෙර වක්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත්‍ර භාවිත කළ යුතු බවටත් ඊට ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිත කළ යුතු බවටත් ඔහුනිර්දේශ කර ඇති බව සඳහන්.

උමං මාර්ගයේ කැණීම් කටයුතු ජනාවාස සහිත ප්‍රදේශවලට යටින් සිදුවන බැවින් එය ඉතා අත්‍යාවශ්‍ය බව ද නෝර්වේජියානු විශේෂඥයා පෙන්වා දී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site