Home News Breaking රවීට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද අත්සන් නොකළ හේතුව මෙන්න

රවීට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද අත්සන් නොකළ හේතුව මෙන්න

2,234 views
SHARE

විදේශ ඇමති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ඡන්දය භාවිත නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මග්ගොන පැවති උත්සවයකින් අනතුරුව විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළේ මන්දැයි යන්න මාධ්‍යවේදීන් විමසු විට මහින්ද රාජපක්ෂ ඒ පිලිබඳ ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

ඒකාබද්ධ විපක්ෂයේ තීරණයකට අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ බව පැවසු හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ වඩා වැදගත් වන්නේ තම මතය නොව ජනතා මතය බවයි.

රවී කරුණනායක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය අගෝස්තු 03 දා පාර්ලිමේන්තුවට භාර දුන්නා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ සදහන් කළේ.

විශ්වාසභංග යෝජනාවට 33න් දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

කෙසේවෙතත් අනු අංක 4 යටතේ අත්සන් කළ යුතුව තිබු බන්දුල ගුණවර්ධන අත්සන් කොට ඇත්තේ අනු අංක 3 යටතේයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site