Home C Gossip සියල්ලන්ගෙන්ම වසන්කල තිසුරිගේ ආදරවන්තයා – සුරාජ්

සියල්ලන්ගෙන්ම වසන්කල තිසුරිගේ ආදරවන්තයා – සුරාජ්

40,446 views
SHARE

තිසුරි යුවනිකා යන නමට ප්‍රේක්ෂකයන් ආදරය කළේ පුංචි තිරයෙන්. ඇය පුංචි තිරය මෙන්ම රිදී තිරයද තරණය කළා. ‘උඩුගංයාමය’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මාන උලෙළේදී තිසුරි කුසලතා සම්මානයක් ලැබීමට තරම් දක්ෂ නිළියක් ලෙස ශ්‍රී ලංකික ප්‍රේක්ෂක අතරට යන්නද අවස්ථාව ලැබුණා.

රිදී තිරයට හා පුංචි තිරයට එක සේ ආදරය කරන තිසුරි ලැබෙන සෑම නිර්මාණයක ම රඟපෑමට භාර නොගැනීමද ඇගේ තිබෙන එක් විශේෂ ලක්ෂණයක් වෙනවා.

ඒ වගේම තිසුරිගේ ජිවිතේ ළඟදී වෙනසකට ලක් වෙන්නත් යනවලු. මේ එක ගැන තිසුරිගේ අම්මයි ( සුසන්තා චන්ද්‍රමාලි), තිසුරියි පුවත්පතකට කියලා තිබ්බේ මෙන්න මෙහෙම කතාවක්.

“මගේ වෘත්තිය රඟපෑමයි. ඉදිරියේදිත් මා රඟපානවා. එහෙත් හොඳ නිර්මාණයක් මට නොලැබුණා කියලා ලැබෙන සෑම නිර්මාණයක ම රඟපෑමට මා යන්නේ නැහැ. විවාහයෙන් පස්සේ වුණත් මට හරියන නිර්මාණයක් නොලැබුණොත් මා රඟපාන්නේ නැහැ. එහෙම නැතිව ලැබෙන සෑම නිර්මාණයක් ම රඟපාලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අදහසක් මට නැහැ. ඒත් අම්මා කෙනෙක් වුණු පසුව මා රඟපෑමෙන් ඉවත් වෙනවා.”

මේ අතර අප හා කතාබහට එක්වන තිසුරිගේ මව නිළි සුසන්තා චන්ද්‍රමාලි අප හා පැවසුවේ සිය සිතේ තිබෙන සිහිනයක් ළඟදීම සැබෑ වන බවයි.

“මගේ සිතේ සිහින දෙකක් තිබුණා. එකක් අපේම කියලා නිවහනක් හදාගෙන නිදහසේ කාලය ගත කිරීමයි. අනෙක් කාරණය නම් දියණිය හොඳ පුතෙකුට විවාහ කර දීමයි. ඒ සිහිනය සැබෑ වෙන්නේ ලබන අවුරුද්දෙයි. මේ වනවිට දුවට සුදුසුම කෙනා ලැබිලා තිබෙන බවයි අප දෙදෙනා ම සිතන්නේ. ඔහු අපේ පවුලේ ම හිතවත් පවුලක පුතෙක්. තිසුරි ගැන ඔහුගේ සිතේ අදහසක් ඇතිවුණාට පස්සේ ඔහුගේ මව්පියන් සමඟින් ම පැමිණ මේ යෝජනාව අපට ඉදිරිපත් කළා. දුවගෙත් කැමැත්ත විමසලා ඔවුන් දෙදෙනා ගැළපෙන බව අප තීරණය කළා. ඒ අනුව තිසුරිගේ විවාහය ලබන අවුරුද්දේදි සිදුකිරීමට අප තීරණය කළා.”

තිසුරි යුවනිකා මේ වනවිට ආදරවන්තියක්. මේ සොඳුරු යෞවනියගේ සිත ගත්ත ඒ ආදරවන්තයාගේ විස්තර අපි ඇහුවා

“අප දෙදෙනා දන්නේ කුඩා කාලයේ පටන්මයි. ඔහුගේ මල්ලිලා දෙන්නත්, මමත්, ඔහුත් අප සෙල්ලම් කළේ එකටමයි. පසුව මෙවැනි අදහසක් ඔහුගේ සිතේ ඇතිවේවි යැයි මා නම් සිතුවේ නැහැ. මුලින්ම අදහස ඉදිරිපත් වුණ ගමන් ම මම කැමැති වුණේ නැහැ. අවුරුදු තුන, හතරක් ම මගෙන් කැමැත්ත ලැබෙනතුරු ඔහු බලාගෙන සිටියා. ඊට පස්සේ බැරිම තැන ඔහු ඔහුගේ නිවෙසේ අයටත්, අපේ නිවෙසේ අයටත් කියන බව පැවසුවා. නිවෙස් දෙකෙන් ම සිතුව නැති විදියට ඉක්මනින් ම අප දෙදෙනාගේ අදහසට කැමැත්ත පළවුණා.”

තිසුරි – සුරාජ් ආදර අන්දරයට මුල පිරෙන්නේ ඒ විදියට. ඒ ආදර අන්දරය එක්තැන් වන්නේ ලබන වසරේ. එහෙත් තිසුරි වඩාත් ඔහුට ආදරය කළේ සුරාජ්ගේ සිතේ වූ මනුස්සකමටලු. මේ ඒ පිළිබඳ තිසුරි කිව්ව විදිය.

“පොඩි කාලයේ පටන්ම ඔහු මගේ හොඳ යහළුවෙක්. ඔහු ගැන මගේ කැමැත්තක් තිබුණා. මා විවාහ වන කෙනා මේ වගේ ගතිගුණ තිබෙන, මේ විදියට සිතන, පතන, මගේ මව්පියන්ට ගරු කරන කෙනෙකු විය යුතුයැයි මගේ සිතේ තිබුණේ එදා පටන්මයි. ඔහුත් එවැනි කෙනෙක්. මනුස්සකම් අතිනුත් බොහොම හොඳ කෙනෙක්. මා සිතනවා මගේ තේරීම නිවැරැදි යැයි කියලා. මා රඟපානවාට ඔහු කැමැතියි. මා කලකදි රඟපෑමෙන් ඉවත් වන බව පැවසුවත් ඔහු පවසන්නේ ‘එහෙම කරන්න එපා. ඔයාට යම් දක්ෂකමක් තිබෙනවා. සෑම නිර්මාණයක්ම නොවෙයි, හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපාන්න’ කියලයි. ඒත් මා මවකගේ භූමිකාවකට පැමිණි පසුව නම් රංගනයෙන් සමු ගන්නවා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site