Home C Gossip තම පියා පිට වරද පැටවීම තමන්ගේ වැරදි වසා ගන්න උත්සාහ දරන පුද්ගලයන්ගේ...

තම පියා පිට වරද පැටවීම තමන්ගේ වැරදි වසා ගන්න උත්සාහ දරන පුද්ගලයන්ගේ ක්‍රියාවක් රවීගේ දියණිය කට අරී

854 views
SHARE

මහ බැංකු මුල්‍ය වංචාවට චෝදනා එල්ලව සිටින හිටපු මහබැංකු සභාපති අර්ජුන් ඇලෝෂියස් විසින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට තෑගී දුන්නා යැයි පැවසේන අධි සුඛෝපභෝගී නිවස මිලට ගෙන තිබෙන්නේ ඇමතිවරයාගේ බිරිද සහ දියණිය අධ්‍යක්ෂධුර දරන සමාගමකින් බව පසුගියදා වාර්තා වුනා.

එලෙස වාර්තාවීමත් සමග රටේ පුවත් මැවූ AA හා RK පිළිබදව සමාජ ජාල ඔස්සේ විවිධ පුවත් හුවමරුවෙන්නට පටන් ගත්තා.

මේ හේතුවෙන් අමාත්‍ය රවී කරුණානායකට එල්ලව ඇති මහ බැංකු බැදුම්කර මූල්‍ය වංචාව පිළිබද චෝදනා වලින් අමාත්‍යවරයාගේ චරිතය ඝාතනය වී ඇති බව අමාත්‍යවරයාගේ දියණිය වන ඔනෙලා විරන්ති සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබෙනවා.

ඇය පවසන්නේ මහජනතාවට බොහෝ හොද සේවාවක් කළ තම පියා වැරදිකරුවෙක් නොවන බවත් මේතරම් විශාල වරදකට එක පුද්ගලයෙකුගේ නම පමණක් ඉදිරියට පැමිණීම පිළිබදව නැවත සිතා බලන ලෙසයි.

රජය වසර දෙකක් තිස්සේ සිදු කළ සියලූ දේටම වගකිව යුත්තේ තම පියා පමණක්දැයි ඇය ප්‍රශ්න කර තිබෙන අතර අමාත්‍ය රවී කරුණානායකට එල්ල වන චෝදනා සියල්ල තමන්ගේ වැරදි වසා ගන්න එක් පුද්ගලයෙකු පිට පටවා නිවැරදී වීමට උත්සාහ දරන පුද්ගලයන්ගේ ක්‍රියා බව ඔනෙලා වැඩිදුරටත් එම පණිවිඩයෙන් පෙන්වා දෙනවා.

ඇයගේ ෆේස්බුක් සටහන පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site