Home News International අනතුරට පත්වූ යානයේ භටයින් සෙවීමේ මෙහෙයුම් නවතයි

අනතුරට පත්වූ යානයේ භටයින් සෙවීමේ මෙහෙයුම් නවතයි

155 views
SHARE

ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් අනතුරට පත්වූ ඇමෙරිකානු ගුවන් යානයේ සිටි මැරින් භටයන් තිදෙනා සෙවීමේ හා මුදාගැනීම තාවකාලිකව අත්හිටවූ බව ඇමෙරිකානු බලධාරීන් පවසනවා.

ජපානයේ, ඔකිනාවා ඇමෙරිකානු මැරීන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත වූ MV-22 ඔස්ප්‍රෙ යානයක් ඊයේ (05දා) මෙම අනතුරට මුහුණදුන් අතර, එම අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 26 දෙනෙකු එහි ගමන් කරමින් සිටි බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මුදාගැනීමේ හා සෙවීමේ මෙහෙයුම්වලදී එහි ගමන්ගත් පුද්ගලයන් 23 දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකි වුවත්, තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

MV-22 ඔස්ප්‍රෙ යනු ගුවන් යානයක් වුවත්, එය හෙලිකොප්ටරයක ස්වරූපයක්ද උසුලන යානයක් වන අතර, ගුවන් පථයක් නොමැතිව සෘජු ගොඩබෑමක් සිදුකිරීමට මෙම යානයට හැකියාව තිබෙනවා.

මෙම යානය යූ.එස්.එස්. රොනල්ඩ් රේගන් ගුවන් යානා හාරක නෞකාව වෙත ගොඩබෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි ඕස්ට්‍රේලියානු ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site