Home C Gossip බෝල්ට්ගේ අවසන් තරගයට පෙර නිරුවත් පුද්ගලයෙක් කඩාවැදී ධාවන පථයේ යකා නටපු හැටි...

බෝල්ට්ගේ අවසන් තරගයට පෙර නිරුවත් පුද්ගලයෙක් කඩාවැදී ධාවන පථයේ යකා නටපු හැටි video

1,281 views
SHARE

ඔලිම්පික් රන් පදක්කම්ලාභි ජැමෙයිකාවේ උසෙන් බෝල්ට් සහභාගී වූ අවසන් තරගයට පෙර ලන්ඩන් ක්‍රීඩාංගනයේ ධාවන පථයට නිරුවත් පුද්ගලයෙකුගේ පැමිණීම හේතුවෙන් සියල්ලන්ගේ අවධානය ඔහු වෙත යොමු වුණා.

එම පුද්ගලයාගේ පපුව සහ උදරය ප්‍රදේශයේ PAECE + LOVE ලෙස සටහන් කර තිබෙනු දක්නට තිබුණා.

ආරක්ෂක අංශයේ නිළධාරීන් වහාම ක්‍රියාත්මක වී මෙම නිරුවත් ධාවකයාගේ විලි වසා පිටියෙන් ඉවත් කිරීමට වෙහෙසක් ගනු ලැබුවා.

උසෙන් බෝල්ට් සිය ක්‍රීඩා ජීවිතයේ පෞද්ගලිකව සහභාගි වූ අවසන් තරගය සඳහා ඒ අනුව ධාවන පථය නිදහස් කර දුන්නා.

ලෝක ශුරතා මලල තරගාවලියේ අදාල ඉසව්වෙන් බෝල්ට් ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි. කාලය තත්පර 9.95ක්.

අමෙරිකාවේ ජෙස්ටින් ගැට්ලින් ඉසව්වේ රන් පදක්කම ලබා ගත්තා. කාලය තත්පර 9.92ක්.

රන් පදක්කමට උරුමකම් කී ජෙස්ටින් ගැට්ලින්, පැරදුණු බෝල්ට් ඉදිරියේ ආචාර කළේ වැඳ වැටීමෙන්.

ජෙස්ටින් ගැට්ලින් මීට පෙර අවස්ථා දෙකකදී නීති විරෝධී උත්තේජක ලබා ගෙන ඇති බවට ද වාර්තා වූවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site