Home C Gossip “ධාවන පථයෙදී වේගවත් බෝල්ට් ඇඳේදිනම් වේගවත් නෑ” සුරූපිණියක් කියූ බෝල්ට්ගේ පැටිකිරිය මෙන්න...

“ධාවන පථයෙදී වේගවත් බෝල්ට් ඇඳේදිනම් වේගවත් නෑ” සුරූපිණියක් කියූ බෝල්ට්ගේ පැටිකිරිය මෙන්න PHOTOS

7,027 views
SHARE

උසෙන් බෝල්ට් කාගේත් කතා බහට ලක්වෙලා ඒ අන් කිසිවක් නිසා නොව ලොව බිහි වූ අති ශ්‍රේෂ්ඨතම ජවාධිකයාගේ ගමනක නිමාව ඊයේ සටහන් කරමින් යුසෙයින් සෙන්ට් ලියෝ බෝල්ට් තම ක්‍රීඩා දිවියේ අවසන් මීටර් 100 ඊයේ නිමකලේ තුන්වැන්නා බවට පත් වෙමිනි.

ඒ ඔලිම්පික් හෝ ලෝක ශූරතා තරගයක බෝල්ට් රන් පදක්කමක් අහිමි කල පලමු හා එකම අවස්ථාව බවට පත්කරමිණ.

බෝල්ට් ඊයේ පරාජය වුයේ ඇමරිකානු ධාවන ශූර ජස්ටින් ගැට්ලින්ටය. එහෙත් ඔහු ඉන් ජයක්ග්‍රහණය වින්දේද නැත. තරගය අවසන් වූ වහාම බෝල්ට දණ නමා ආචාර කලේය.

ඒ සියල්ල හමුවේ උසෙන් බෝල්ට් කතා බහට ලක් වන්නේ පසුගිය රියෝ ඔලිම්පික් උළෙලදි රන් පදක්කම් දිනාගත් සේම තරුණියක් සමග එක්ව සිටින ඡායාරූප අන්තර්ජාලය පුරාවට සැරිසරන්නට ගත් නිසාමය.

ඒ හේතුවෙන් ලෝකෙම මේ තරුණිය කවුද ? එදා මොකද වුණේ කියලා හොයන්න ගත්තා. ඒ අතරේ එදා බෝල්ට් එක්ක හිටපු තරුණිය ප්‍රකට වෙබ් අඩවියකට එම සිදුවීම සම්බන්ධව සම්මුක සාකච්චාවක් ලබාදී තිබුණා.

එහි සදහන් පරිදි වයස අවුරුදු 20ක් වෙන මේ රුවත්තියගේ නම ජේඩී ඩුආර්ට්. ජේඩී මේ සිදුවීම සිදුවන දිනයේ සිය මිතුරියන් සමග රාත්‍රී සමාජ ශාලාවක විනෝද වෙමින් සිට තිබෙන අතර එදින බෝල්ට් ඔහුගේ ආරක්ෂකයින් සමග මෙම රාත්‍රී සමාජ ශාලාවට ගොස් තිබෙනවා.

සිය මිතුරියන් සමග නර්තනයේ යෙදෙමින් සිටි ජේඩී ලෝ ප්‍රසිද්ධ චරිතයක් වන බෝල්ට් බව දැන සිට නැති අතර ජේඩීව දැකපු බෝල්ට් ඇය අසලට පැමිණ ඈ දිහා නෙත් යොමා ආපසු හැරී ගොස් තිබෙනවා.

පසුව නිමේෂයකින් පැමිණි බෝල්ට්ගේ ආරක්ෂකයෙක් පවසා ඇත්තේ ඇයට “ඔයා බෝල්ට් එක්ක යන්න එන්න” යනුවෙනි. ඒ කිසිවක් ගණන් නොගත් ජේඩීට දෙවන වරටත් ආරක්ෂකයා පැමිණ කිවූ දෙයින් තම නැන්දනියත් ආදරය කරණ මේ සුපිරි ක්‍රීඩකයා බෝල්ට් බව වටහාගෙන තිබෙනවා.

පසුව මාර්ගයේ තිබූ කුලී රථයකින් ඇය රැගෙනයනවිට ජේඩී සිතා ඇත්තේ ඔහු ඇයව තරු පහේ හෝටලයකට රැගෙන යනු ඇතැයි කියාය.

එහෙත් ඇය නොසිතු ලෙස බෝල්ට් ඇයව අරගෙන ගොස් ඇත්තේ රියෝ ඔලිම්පික් ගම්මානයට. නීතිමය වශයෙන් ක්‍රීඩකයෙකු හෝ අවසරයක් නැතිව මේ ගම්මානයට ඇතුල් වෙන්නට සිසිවෙකුටවත් අවස්ථාවක් උදාවන්නේ නැහැ. නමුත් බෝල්ට් ආරක්ෂකයින්ට පවසා ඇයව ඔලිම්පික් ගම්මානයට රැගෙන ගොස් නතරවී ඇත්තේ බෝල්ට්ගේ කාමරය තුලය.

බ්‍රසීල ජාතික කාන්තාවක් වන ජේඩිගේ ඉංග්‍රීසි දැනීම අවම වීම නිසාම ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඇය එම වෙබ් අඩවියට පවසා තිබෙනවා. එහෙත් දියුණුවූ තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන දෙදෙනාටම සිය කථා බහ Google Translate මෙවලමට පින්සිදු වන්නට කරගන්නට හැකිවී තිබෙනවා.

ඇය පවසන පරිදි ” ඒ කාමරය හරිම පිරිසිදුයි. ඒකේ ඇඳන් දෙකක් තිබුණා, මාව ඇතුලට අරන් එන්න හදපු වෙලාවේ ආරක්ෂකයෝ මගේ හැදුනුම්පතවත් බැලුවේ නෑ, මට හරි පුදුමයි, ඔහුට ඒ තරම් පිලිගැනීමක් තිබුණා, බෝල්ට්ගේ කාමරයට ආවත් අපි කතා කරන්න හැදුවත් දෙන්නට දෙන්නා භාෂාව දන්නේ නෑ, පස්සේ අපි Google Translate එකෙන් තමයි කියන දේවල් තේරුම් ගත්තේ.

ඔහු ඒ වෙලාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වුණු රියානාගේ සින්දුවක් Play කළා, අපි පොඩි දේවල් ටිකක් ගැන විතරයි කතා කලේ, ඒත් ඒ හැමදෙයක්ම ලොකු මතකයක්, මම ඔහුත් එක්ක විනාඩි 40ක් විතර හිටියා.

ඔහු මට පොරොන්දු වුණා තවත් දවසක මුණ ගැහෙනවා කියලා, ඒ නිසාම ඔහුගේ දුරකථන අංකයවත් මට දුන්නේ නෑ, ඒත් මේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරපු වෙලාව වෙද්දිත් ඔහු ගුවන්තොටුපලෙන් පිටත්වෙලා ගිහින් ඉවරයි.

එදා අන්තිමට ඔහු මට යුරෝ 100ක් දුන්නා. ඒ ටැක්සියක යන්න කියලා, අපේ රටේ යුරෝ භාවිතාකලේ නැතත් ටැක්සි රියදුරා ඒවා ගත්තා. මම සෙල්ෆි අරන් කාමරෙන් පිටතට ආවා.

ධාවන පථයෙදී ඔහු ශූරයෙක් වුනත් හැබෑ ජීවිතේදී එහෙම නෙවෙයි කියලා මට තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ, ඒ වගේම ධාවන පථයෙදී වේගවත් තරම් ඔහු ඇඳේදිනම් වේගවත් නෑ කියලා තේරුම් ගන්නත් මට එච්චර වෙලාවක් ගියේ නෑ.

මම හිතාගෙන හිටියේ මේක දුරදිග යන සම්බන්ධයක් කියලා, ඒත් ඔහු ඔලිම්පික් රන් පදක්කම් ගන්නවා වගේ කෙල්ලෝ මාරු කරනවා කියලා මට දැන් තේරෙනවා යනුවෙන් සදහන් කරමින් ජේඩී සිය සාකච්චාව අවසන් කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site