Home News Breaking ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද

97 views
SHARE

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දියවඩන නිලමේ නිලංග දෑල සඳහන් කළේ අද රාත්‍රී 7.53 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්වන බවයි.

එය යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගන්නා අතර පෙරහර රජ වීදියෙන් ඉහළ පැමිණ මාළිගාවට ගෙවදීමට නියමිත බව සදහන් කළා.

අනතුරුව අලුයම 1.15 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී ධන්ත ධාතු මන්දිරයේ පෙරහර සිව් දේවාලයන් පෙරහර සමග පිටත්ව දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගොස් දළදා කරඬුව, ගෙඩිගේ විහාරයේ සිරිත් පරිදි තැන්පත් කෙරෙන බවද වැඩිදුරටත් සදහන් කළා.

දළදා කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව සිව් දේවාලයන්හි පෙරහර නැවත දේවාලවලට පැමිණ දේව පූජාව පැවැත්වීමෙන් පසු ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදුකර නැවත ගණදෙවි කෝවිලට පැමිණෙනු ඇති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site