Home News Breaking චීන නාවික රෝහල් නෞකාව කොළඹ වරායට

චීන නාවික රෝහල් නෞකාව කොළඹ වරායට

177 views
SHARE

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන හෙපින්ග්ෆැන්ග්ශු (Hepingfangzhou) නෞකාව සිවු දින සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුනා.

එහිදී නාවික සම්ප්‍රදානුකුලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාව පිළිගත් අතර එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල ඇතුළු ජෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වුණා.

ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයෝ විශාල පිරිසක්ද සිය රටේ නෞකාව ඇතුළු පිරිස හරසරින් පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයට පැමිණ සිටිනු දකින්නට ලැබුනා.

ආර්ක් පීස් (Ark Peace) නමින්ද හඳුන්වනු ලබන මෙම නෞකාව ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීමේ අරමුණින් නිර්මාණය කර ඇති අතර මෙය උසස්ම තාක්ෂණයෙන් පරිපූර්ණ නෞකාවකි.

මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය කොට නිපදවා ඇති මෙම රෝහල් නෞකාව දිගින් මීටර් 178 ක් සහ පළල මීටර් 24ක් වේ.

මෙහි 381 දෙනෙකුගෙන් යුත් නෞකා කාර්යය මණ්ඩලයක් රාජකාරී කරන අතර, ලොව පුරා සංචාරය කරමින් 120,000 කට වැඩි පිරිසකට මෙමගින් වෛද්‍ය පහසුකම් ලබාදී තිබෙනවා.

නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර දැඩි සත්කාර ඒකක, විශේෂඥ වෛද්‍ය සේවාවන්, නේවාසික ප්‍රතිකාර ඒකක, පරිලෝකන යන්ත්‍ර (Computerized Tomography machine) ඇතුළු සියලුම වෛද්‍ය පහසුකම් වලින් සමන්විත මෙම නෞකාව හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක්ද ඇතුලත්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site