Home News Sports තවත් ක්‍රීඩකයෙකුට තෙවන ටෙස්ට් තරගයත් අහිමිවෙයි

තවත් ක්‍රීඩකයෙකුට තෙවන ටෙස්ට් තරගයත් අහිමිවෙයි

770 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදි පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජාට අහිමිවි තිබෙනවා.

ඒ ඊයේ (06දා) නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු පන්දුව පළුදු කිරිමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට එක් ටෙස්ට් තරගයක තහනමක් පැනවිමට අයි.සී.සී. ය තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජඩේජාට තරග ගාස්තුවෙන් 50%ක දඩයක්ද පැනවෙන අතර ඔහුට සෘණ ලකුණු තුනක්ද එක්වෙනු ඇති.

මේවන විට ජඩේජා සෘණ ලකුණු හතරක් එක් කරගෙන ඇති අතර ඊළග අවුරුදු දෙක තුළදී ජඩේජා සෘණ ලකුණු 8ක් එක්කර ගත හොත් ඔහුට ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග හතරක් හෝ විස්සයි20 තරග හතරක තහනමක් පැනවෙන බවයි වාර්තා වන්නේ.

තරගයේ 58 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යොමුකරන විට ජඩේජා මෙම පළුදු කිරිම සිදුකර තිබෙනවා.

ඒ දිමුත් කරුණාරත්න වෙත පන්දුව යොමුකරන විටදීයි.

පිටියේ විනිසුරන් මේ පිළිඳව තරග තීරක රිචී රිචඩ්සන් වෙත පැමිණිලි කර ඇති අතර පසුව ජඩේජා ඔහු ඉදිරියේ සිය වරද පිලිගෙන ඇති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site