Home News Sports ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයක, ඉන්දීය සංචාරයෙන් පසු වාස් ඉවතට එන කෙනා මෙන්න...

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදයක, ඉන්දීය සංචාරයෙන් පසු වාස් ඉවතට එන කෙනා මෙන්න PHOTOS

636 views
SHARE

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කරණ චමින්ද වාස් ඉන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඉන් පසු චමින්ද වාස් 19 න් පහළ කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස අනුයුක්ත කිරීමට නියමිතව පවතිනවා.

වාස්ගේ මෙම හිඩස පිරවීම සදහා හිටපු සුපිරි ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් කලක් සේවය කර ඇති රුමේෂ් රත්නායක 2001 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට 1982 – 1993 වකවානුවේ ක්‍රීඩා කර ඇති රුමේෂ් ජෝසප් රත්නායක ටෙස්ට් තරග 23කට සහ එක්දින තරග 70 සහභාගිවී තිබෙනවා.

1964 උපන් රුමේෂ් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළා.

1983 නවසීලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ රුමේෂ් අවසන් ටෙස්ට් තරගය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1993දී ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකුද වන රුමේෂ් දකුණතින් පන්දුවට පහරදෙන දකුණතින් මදවේග පන්දු යවන ශ්‍රී ලංකාවෙන් බිහිවූ ඇති දක්ෂ සුපුරි ක්‍රීඩකයෙකු වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site