Home News Breaking ආවා කොළඹට, කොළඹදී “ආවා” නායක අත්අඩංගුවට

ආවා කොළඹට, කොළඹදී “ආවා” නායක අත්අඩංගුවට

571 views
SHARE

යාපනය කෝපායි කොන්ඩාවිල් පොලිස් වසමේ දී පොලිස් නිලධාරින් දෙදෙනෙකු කපා තුවාල කිරීමේ සිද්ධියටසම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඔවුන් ආවා කල්ලියේ සාමාජිකයින් බවත් ඒ අතර එය මෙහෙයවන නායකයා වන සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් “නිශා වික්ටර්“ද සිටින බවත් පොලීසිය සදහන් කරනවා.

අත්අඩංගුවට ගත් විනෝද්, මනෝජ් හා සිවසුභ්‍රමනියම් යන සැකකරුවන් තිදෙනා පිටකොටුව බස් නැවතුම් පොළේ දී අත්අඩංගුවට පත් වී ඇති අතර එක් අයෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හා අනෙක් දෙදෙනා අද උදෑසන යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 06 දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිතුමාගේ ඍජු අධික්ෂණය යටතේ ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරනු ලබනවා.

සැකකරුවන් සන්තකයේ තිබී කඩු 02ක්ද සමග යතුරු පැදියක්ද මේ වන විට සොයාගෙන තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site