Home News Breaking උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය ඇමති ඉල්ලා අස්වූ හේතුව මෙන්න

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය ඇමති ඉල්ලා අස්වූ හේතුව මෙන්න

85 views
SHARE

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වී. විග්නේෂ්වරන් තමාට විවිධ චෝදනා එල්ලකරමින් අමාත්‍ය ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් එම පීඩනයන් හමුවේ තවදුරටත් අමාත්‍යධූරයේ සිටීමට නොහැකි බව පවසමින් ඉල්ලා අස්වීමට තිරණය කළ බවත් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

තමාගේ චරිත ඝාතනය සදහා ප්‍රධාන අමාත්‍යවරයා ක්‍රියාකරමින් සිටින බවත් තවදුරටත් එයට එරෙහිවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවත් ඔහු පවසා සිටියා.

තම ගැටලු පිළිබඳ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවේ සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්දන් දැනුවත් කොට මෙම තීරණයට එළැඹි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site