Home News Breaking සේවකයන්ගේ වැටුප් කොල්ල කෑ කල්ලිය මාට්ටු

සේවකයන්ගේ වැටුප් කොල්ල කෑ කල්ලිය මාට්ටු

88 views
SHARE

මුදල් කොල්ලයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු තංගල්ල රත්මල්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇති බව සඳහන්.

අංක තහඩු නොමැති යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තංගල්ල, රත්මල්වල ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මිද්දෙනිය කොලනියවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ හතරකට ආසන්න වැටුප් මුදලක් කොල්ලකෑ බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සඳහා යොදාගත් යතුරුපැදිය, ජංගම දුරකතනයක් සහ ආයුධ කිහිපයක් ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වයස අවුරුදු විස්ස හා විසිතුන වයස්වල පසුවන සැකකරුවන් රත්මල්වල සහ තුංකම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site