Home News Breaking ජනපතිගේ අවසරයකින් තොරව උ.කොරියාවට නිවේදනයක්‌ යවපු අය මෙන්න

ජනපතිගේ අවසරයකින් තොරව උ.කොරියාවට නිවේදනයක්‌ යවපු අය මෙන්න

260 views
SHARE

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අවසරයක්‌ නොමැතිව උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කර ඇත්තේ විදේශ කටයුතු බලධාරීන් විසින් බව පරීක්‌ෂණවලින් හෙළිවී තිබෙනවා.

පසුගිය ජුලි 29 දා ප්‍රකාශයට පත්වූ මෙම නිවේදනය පිළිබඳව පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙසයි ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබුණේ.

මෙයට පෙර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ට හිටපු කොටි ක්‍රියාකාරීන් හමුවීම සඳහා සිරගෙවල්වලට යැමට අවසර දී ඇත්තේ ද විදේශ කටයුතු බලධාරීන් බව සනාථ වී තිබෙනවා.

මේ නිසා විදේශ කටයුතු ලේකම් ඇසළ වීරකෝන් සංචාරක අමාත්‍යාංශයට යවා ප්‍රසාද් කාරියවසම් නව විදේශ ලේකම් ලෙස පත්කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක්‌ නිකුත් කිරීම ගැන තමා නොදන්නා බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site