Home News Sports අරවින්ද ද සිල්වාට ක්‍රිකට් ආයතනයේ තනතුරක්

අරවින්ද ද සිල්වාට ක්‍රිකට් ආයතනයේ තනතුරක්

517 views
SHARE

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

ජයන්ත ධර්මදාස පසුගියදා ක්‍රිකට් උප සභාපති තනතුරෙන් ඉල්ලා අස් වුණා.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ උප සභාපති තනතුරට අරවින්ද ද සිල්වාව පත් කිරීමටයි යෝජනා වී ඇත්තේ.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතර මෙරට පිතිකරුවන් තුන්දෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා.

ස්ථාන දහයක් ඉදිරියට පැමිණෙමින් කුසල් මෙන්ඩිස් දහනව වන ස්ථානයට පැමිණ තිබෙනවා.

විසිහතරවන ස්ථානයට දිමුත් කරුණාරත්න පත්ව ඇත්තේ ස්ථාන දහතුනක් ඉදිරියට පැමිණෙමින්.

නිරෝෂන් දික්වැල්ල 68වන ස්ථානයට පැමිණ සිටින්නේ ස්ථාන 21ක් ඉදිරියට පැමිණෙමිනුයි.

එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site