Home News Breaking උතුරු මැද පළාත් සභාව උණුසුම් වී න්‍යාය පත්‍රයටද ගිනි තබයි

උතුරු මැද පළාත් සභාව උණුසුම් වී න්‍යාය පත්‍රයටද ගිනි තබයි

106 views
SHARE

අද උදෑසන පැවති උතුරු මැද පළාත් සභා වාරය උණුසුම් වී තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරීම ඊට හේතුවයි.

එම මන්ත්‍රීවරුන් සභාවට පැමිණීයේ කළු පටි පැළදගෙනයි.

හිටපු පළාත් සභා අමාත්‍ය කේ එච් නන්දසේන සභාව අමතමින් කියා සිටියේ උතුරු මැද පළාත් සභාවේ සභාපති ඩී එම් අමරතුංගගේ පත්වීම නීති විරෝධී බවයි.

ඒ සමගම සභාව නොසන්සුන් වුණා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස කලහකාරී ලෙස හැසිරෙමින් පළාත් සභාවේ න්‍යාය පත්‍රයටද ගිනි තබා තිබෙනවා.

ඉන් ටික වේලාවකට පසු ඔවුන් සභාවෙන් පිටව ගියා. ඊට පසු සභාව සුපුරුදු ලෙස පවත්වාගෙන යාමට කටයුතු කෙරුණු අතර ලබන 22වනදා දක්වා සභාව කල් තැබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site