Home News Breaking සැමියාගේ මනදොල පිනවීමට බිරිඳ ගංජා වවලා මාට්ටු වෙයි

සැමියාගේ මනදොල පිනවීමට බිරිඳ ගංජා වවලා මාට්ටු වෙයි

1,349 views
SHARE

සැමියාට පානය කිරීම සදහා ගංජා වගාකර ඊට සාත්තුකල ගෙවිලියක් කහටගස්දිගිලිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී අඩි හතක් පමණ උසට හොදින් වැඩුණු ගංජා පැලය ද අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

කහටගස්දිගිලිය පොලිස් වසමේ කෝන්වැව මාර්ගයේ පදිංචි කාන්තාවක් සැමියාට ගංජා සුරුට්ටු ඉරීම සදහා ගංජා වවන බවට ලැබුණු තොරතුරක් මත මෙම නිවස වැටලීම සිදු කල බවයි වාර්තා වන්නේ.

සැකකාරිය නිවස පිටුපස පිහිටි ජල කරාමය ආසන්නයේ ගංජා පැලය වවා තිබූ බවත් එය අඩි හතයි අගල් හතක් පමණ උසට වැඩී තිබු බව පොලිසිය සඳහන් කළා.

සැකකාරියගේ සැමියා ගංජා සුරුට්ටු ඉරිමට තදින්ම ඇබ්බැහිවී සිටින බවත් ඔහු අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කල අයෙකු බවද පොලිසිය කියා සිටියා.

අත්අඩංගුවට පත් ගංජා පැලයේ කිලෝග්‍රෑම් එකක පමණ බරින් යුතු ගංජා දළු සහ කොළ තිබු බවත් එය වියළුණු පසුව ග්‍රෑම් 250ක් පමණ වන බවයි පොලිසිය පෙන්වා දුන්නේ.

පනස් හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිළිගත් අතර ඇයට දඩුවම් නියම කිරීම සැප්තැබ්බර් මස 17 වනදාට කල් තැබීමට විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site