Home News Breaking පිච්චමල් පූජාවට පැමිණි ගොළු යුවළක් ත්‍රී රෝද රථයක් සොරා ගනියි

පිච්චමල් පූජාවට පැමිණි ගොළු යුවළක් ත්‍රී රෝද රථයක් සොරා ගනියි

106 views
SHARE

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පැවති පිච්චමල් පූජාව දිනයේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා ත්‍රී රෝද රථයක් සොරාගෙන පලාගිය ආබාධිත යුවලක් (ගොළු) අද(09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරාගත් ත්‍රීරෝද රථයද සොයා ගත් බවයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සඳහන් කළේ.

පිච්චමල් පූජාවට සහභාගීවිමට පැමිණි කැකිරාව පොලිස් වසමේ ඇතාවැටුණු වැව මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලිසියට කල පැමිණිල්ලට අනුව සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය (29) වනදා අටමස්ථාන පූජා භූමියේ පැවති පිච්චමල් පුජාවට පැමිණි පැමිණිලිකරු ත්‍රී රෝද රථය රුවන්මැලි සෑය රථගාලේ නවතා පූජාවට එක්වී තිබෙන බව පොලිසිය සඳහන් කළා.

පූජාව අවසන්වීමෙන් අනතුරු නිවසට යාමට පැමිණි ඔහු ත්‍රීරෝද රථය නැවතු ස්ථානයේ නොමැතිවීම නිසා පසු දිනය වනතුරුම රථය සොයා ඇතත් එය සොයා ගැනීමට නොහැකිවීම නිසා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලිකල බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිස් නිළධාරින් නගර ආරක්ෂාව සදහා සවිකර තිබෙන ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂාවට ලක්කර සැකකරුවන් ත්‍රීරෝද රථයෙන් නගරයෙන් පිටතට රැගෙනයන අයුරු නිරික්ෂණය කර තිබෙනවා.

පසුව සිදුකල පරික්ෂණ වලදී ඔවුන් දෙදෙනා ගල්ගමුව පොලිස් වසමේ මහගල්කඩවල පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කරගෙන අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකාර යුවලට කතා කිරීමට නොහැකි නිසා ඔවුන් භාෂා පරිවර්ථන නිළධාරියෙකුට යොමුකල අවස්තාවේ ත්‍රී රෝද රථය සොරා ගෙන ගියබව පැවසු බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවටගත් වයස අවුරුදු 40 හා 39 වියේ පසුවන යුවල අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site