Home News Breaking පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි

පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි

78 views
SHARE

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය පියවර ගනු ලැබුවා.

ඒ, පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

සමෘද්ධි දීමනාව කපාදැමීමට කටයුතු කරමින් සිටින බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයෙන් අනතුරුව සභාවේ උණුසුම් විවාදයක් ඇති වූ අතර එහිදී අඳහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ,කිසිදු අසාධාරණයක් නොවන ලෙස සහනාධාර ලබාදීමට කටයුතු කරන බවත් පසුගිය රජය වසර විස්සක්ම සමෘද්ධිය කපා දැමූ බවයි.

මෙහිදී අඳහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා සඳහන් කළේ, සමෘද්ධිය කප්පාදු කිරීමට එක්සත් ජාතික පක්ෂය ද එකඟ නොවන බවයි.

මෙහිදී කතානායකවරයා සඳහන් කළේ, අමාත්‍ය එස්.බී.දිසානායකගේ විමසා තීරණයක් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව තාවකාලිකව අත් හිටුවීමට කතානායකවරයා තීරණය කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site