Home News Breaking ඉල්ලා අස්වීමට රවීට දින දෙකක් ?

ඉල්ලා අස්වීමට රවීට දින දෙකක් ?

141 views
SHARE

විදේශ අමාත්‍ය රවි කරුණානායකට සිය අමාත්‍ය ධුරයෙන් දින දෙකක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පෙරේදා (08) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු ජනාධිපතිවරයාට පවසා තිබෙන්නේ රවි කරුණානායක විශ්වාසභංගයකට පෙර ඉල්ලා අස්වුවහොත් එය ආණ්ඩුවට මෙන්ම රටටද යහපත් වන බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවී මේ බව දැනුම් දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව බාරදුන් විශ්වාසභංගය විවාදයට ගන්නවාද නැතිද යන්න පිළිබඳව කථානායකවරයාගේ තීන්දුවද අද (10) ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site