Home C Gossip චීවරය අතහැර සොයා ගත් පෙම්වතිය ඝාතනය කලේ නිරුවත් කරලා – වසර 7කට...

චීවරය අතහැර සොයා ගත් පෙම්වතිය ඝාතනය කලේ නිරුවත් කරලා – වසර 7කට පසු ඝාතකයා සියල්ල හෙළි කරයි

8,004 views
SHARE

ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ දී තම පෙම්වතිය නිරුවත් කර දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවු හිටපු චීවරධාරියෙකුවු මෙන්ම ත්‍රීරෝද රථ රියදුරෙකු ද වූ අයෙකුට පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක අද (10) මරණ දණ්ඩනය නියම කලා.

මෙසේ මරණ දන්ඩණය නියම වුයේ පන්නිපිටියේ පදිංචිව සිටි හෙනේගම රත්නසිරි හිමි හෙවත් කොඩිතුවක්කු ආරච්චිගේ ප්‍රමිල සාරංග නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකුටයි.

2010 මැයි මස 25 වැනිදා ඔහුගේ පෙම්වතිය යැයි කියන ඉංගිරියේ පදිංචි දෝන සුනේත්‍රා ප්‍රියදර්ශනී නැමැත්තිය ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ දී නිරුවත් කර දියේ ගිල්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අධිචෝදනා ලබා සිටියා.

මෙම නඩුව පිළිබඳව දිර්ඝ නඩු විභාගයක් පැවැත්වු විනිසුරුවරිය නඩු තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කළා.

විත්තිකරු මහණවී සිට ඇති අතර, පසුව සිවුරු අතහැර කාන්තාවක් සමග අවුරුදු පහක් පමණ තදබල ලෙස ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙනවා.

පසුව ඇගෙන් මුදල් ද ලබා ගෙන ප්‍රේම සම්බන්ධය අතහැර ඔහු කොරියාවට පලා ගොස් අවුරුදු දෙකකට පසුව ලංකාවට පැමිණ ඇති අතර ඉන් පසු මේ තරුණිය යළිත් ඔහු සොයාගෙන පැමිණ තිබුණා.

ඉන්පසුව ප්‍රේම සම්බන්ධය අලුත්කර ගෙන මෙම තරුණිය සමග විවාහ වන බව ඇගේ දෙමාපියන්ට පොරොන්දුවී ඇති බව තොරතුරු අනාවරණ වුණා.

2010 මැයි 25 වැනිදා ඔහු මංගල්‍යයට අවශ්‍ය දේ මිළදී ගැනීමට යැයි පවසා ඇයව කොළඹ කැඳවාගෙන ගොස් ඇති අතර පසුදින ඇයගේ මළසිරුර ඉංගිරිය පොලිසිය විසින් නාච්චිමලේ ජලාශයේ තිබී සොයාගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site