Home News Breaking ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

114 views
SHARE

පොදු ප්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරු ක්‍රමය එළඹෙන15 වැනිදා සිට ක්‍රියාත්මක බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට ඊයේ (11දා) සහභාගිවෙමින්.

මේ අනුව අගෝස්තු 15 වැනිදා සිට මොරටුව කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්,සැවෝයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත්, අගෝස්තු 22වැනිදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්,බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල මංසන්ධිය දක්වාත් අගෝස්තු 29වැනිදා සිට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්,ටවුන්හෝල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත්,සැප්තැම්බර් 05සිට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව,කොටුව කොම්පඤ්ඤවීදිය දක්වාත්,සැප්තැම්බර් 12සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා සහ නොවැම්බර් 30 සිට බොරැල්ල සිට මරදාන දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙළට පාසල්,කාර්යාල ප්‍රවාහන සේවා ද ඇතුළත් කොට තිබෙන අතර, එහි සාර්ථකත්වය මත ඊළඟ පියවර කරා ගමන් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site