Home News Breaking බදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ පිපිරීමකින් විදේශිකයෙකුට තුවාල

බදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ පිපිරීමකින් විදේශිකයෙකුට තුවාල

116 views
SHARE

බදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර පිහිටි ගල්කොරියේ ගල්කැඩීම සඳහා අනාරක්ෂිත ලෙස පුපුරන ද්‍රව්‍ය යොදා කළ බෝර දැමීමමකදීමීටර් 300 ක් පමණ ඈතට විසි වූ ගල් කැබැල්ලක් වැදී එම ස්ථානයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතිකයෙකු තුවාල ලබා ඇති අතර, ඔහුගේ යෙහෙළිය එම සිදුවීමෙන් කම්පනයට පත්ව රෝහල්ගතකර ඇතැයි ඇල්ල පොලීසිය සඳහන් කරනවා.

ඔවුන් දෙදෙනාම බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර,වම් අතට බරපතළ තුවාල සිදුව ඇති චාලි රොබෙයිරෝ (24) නමැත්තා සැත්කමකට ලක්කළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මෙම පිපිරීමේදී මීටර් 400 ක් පමණදුරට විසිවූ තවත් කළුගල් කීපයකින් ඊට නුදුරින් පිහිටි තේ කම්හලකටද හානි සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම විදේශීය සංචාරකයන් දෙදෙනා දෙමෝදර තේ වත්තේ තේ කම්හල යැයි සිතා එය නැරඹීම සඳහා මෙම ගල්කොරිය ආසන්නයේ ඇති දැනට පෞද්ගලික අංශයකට බදු දී ඇති තේ කම්හලට පැමිණ ඇති අතර, එම ස්ථානය පැමිණිමෙන් පසු නිවැරදි තොරතුරු දැනගත් සංචාරකයන් දෙදෙනා තමන් පැමිණි යතුරුපැදිය හරවා යළි දෙමෝදර තේ කම්හල නැරඹීම සඳහා යාමට ප්‍රධාන මාර්ගයට පැමිණෙනවාත් සමගම මෙම පිපිරීම සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ඇල්ල පොලීසිය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site