Home News Breaking පාසල් සිසුවිය නිල්වලා ගඟට පැන්න හේතුව ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි

පාසල් සිසුවිය නිල්වලා ගඟට පැන්න හේතුව ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි

3,397 views
SHARE

අකුරැස්ස තිබ්බටුවාව පාලමෙන් පසුගියදා (09) නිල්වලා ගඟට පැන සියදිවි නසාගත් දහසය හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර හමුවී තිබෙනවා.

මුලින්ම සැක පළවුණේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ප්‍රශ්නයක් මත මේ සිසුවිය ගඟට පනින්නට ඇති බවයි.

නමුත් මේ වනවිට ඇගේ සියදිවි නසාගැනීමට හේතුව, ඇය විසින් පාසලට ගෙන ගිය ඇගේ ජංගම දුරකථනය විදුහල්පතිට හසුවීම නිසා ඇගේ මවුපියන් පාසලට පැමිණ දුරකතනය රැගෙනයන ලෙසත්, මවුපියන් පාසලට පැමිණීම අනිවාර්ය යැයි පණිවුඩයක් නිවෙසට එවීමත් නිසා සිත් තැවුලට හා කලබලයට පත්වීම බවට අනාවරණය වී තිබෙනවා.

සිසුවියක් ගඟට පැන ඇතිබවට පෙරේදා (09දා) සවස අකුරැස්ස පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය තිබ්බටුවාව පාලම අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ ඇගේ පාසල් බෑගය සොයාගෙන තිබුණා.

එම බෑගයේ තිබුණු ජාතික හැඳුනුම්පතට අනුව දිවි නසාගත් ශිෂ්‍යාව ජේ.කේ. තරුෂි සඳරුවනි යනුවෙන් හඳුනාගෙන ගත් බව වාර්තා වනවා.

අකුරැස්ස පෝරඹ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය මෙවර අ.පො.ස. සා.පෙළට පෙනී සිටීමට නියමිතව ශිෂ්‍යාවක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site