Home News Breaking අමාත්‍ය ධුර අත්හැරියත් රවීට තවදුරටත් ඇමැති වරප්‍රසාද

අමාත්‍ය ධුර අත්හැරියත් රවීට තවදුරටත් ඇමැති වරප්‍රසාද

174 views
SHARE

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට තවදුරටත් ඇමැති වරප්‍රසාද ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරනවා.

ඒ අනුව ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළව පත්කර තිබෙන කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එක් ඇමැතිවරයෙක්ට අමාත්‍යාංශ දෙකක් ලබාදුන් විට එක් අමාත්‍යාංශයකට අදාළව කාර්ය මණ්ඩල පත්කරගත හැකි නිසා මෙසේ කාර්ය මණ්ඩල ඉවත් නොකරනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවලට පත්වූ නිලධාරීන්ද ඉවත් නොකරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ආයතනවල දැනට සිටින සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල එලෙසම තබා ගැනීමට නියමිතව තිබෙනවා.

එසේම රවි කරුණානායකට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site