Home News Breaking පිටකොටුවේ වෙළෙඳසැල ගිනි ගත්තාද ? ගිනි තැබුවාද ? PHOTOS

පිටකොටුවේ වෙළෙඳසැල ගිනි ගත්තාද ? ගිනි තැබුවාද ? PHOTOS

169 views
SHARE

ඊයේ (18) දහවල්  පිටකොටුව -කුමාර වීදියේ වෙළෙඳසැලක හටගත් ගින්නෙන් එහි මහල් කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

සම් භාණ්ඩ, රෙදිපිළි හා ඔරලෝසු ගබඩා කරනු ලබන ව්‍යාපාරික ස්ථානයකයි මෙම ගින්න හටගනු ලැබුවේ.

පැය කිහිපයක් පුරා ගින්න පැවති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ 09ක් යොදා තිබූ අතර පොලීසිය සහ ප්‍රදේශවාසින් ද ඊට සහය දෙන අයුරු දක්නට ලැබුණා.

ඊයේ සවස් වරුව වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ අතර ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය වී  නොමැති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.