Home News Breaking නරේන්ද්‍ර මෝඩි ලංකාවට එන්නේ ඇයි ?

නරේන්ද්‍ර මෝඩි ලංකාවට එන්නේ ඇයි ?

206 views
SHARE

මේ වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මැයි 12 වන දා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකට  ආරාධනා කර ඇති බවයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කලේ.

ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ලා ඕසය, භූතානය, ටිබෙටය ඇතුළු බුදුදහම පවතින රටවල් රැසක් ඊට ඇතුළත් වනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙසක් සැමරුම් දිනයක් 1999 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළේ එවකට මෙරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිරගාමර්ගේ යෝජනාවකට අනුවයි.