Home News Breaking රාත්‍රියට නිවෙස්වලින් බැංකු කාඩ් සොරාගෙන සල්ලි ගන්න හොර කල්ලිය

රාත්‍රියට නිවෙස්වලින් බැංකු කාඩ් සොරාගෙන සල්ලි ගන්න හොර කල්ලිය

376 views
SHARE

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ දිවා සහ රාත්‍රි කාලයේ සැරිසරන සොර කණ්‌ඩායමක්‌ හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි බියට පත්ව තිබෙනවා.

මෙම සොර කණ්‌ඩායම රාත්‍රි කාලයේ නිවැසියන් නිදි අතරේ නිවෙස්‌ තුළට රිංගා එහි තිබෙන දේපළ සොරකම් කර තිබෙනවා.

ඒ අතර සුවිශේෂී සිද්දියක් වන්නේ බැංකු කාඩ්, බැංකු පොත් සමගම රැගෙන ගොස්‌ රහස්‍ය අංකය සොයා රාත්‍රි කාලයේදීම මුදල් බැංකුවලින් ලබා ගැනීම බව වර්තවනවා.

මීට අමතරව රෝගී පුද්ගලයන් සිටින නිවෙස්‌ බිඳ එම රෝගීන්ගේ ඖෂධ මිලදී ගැනීමට තිබූ මුදල්ද මෙම සොරුන් රැගෙන ගොස්‌ තිබෙනවා.

පසුගියදා ඔරුවල ප්‍රදේශයේ විහාරස්‌ථානයක්‌ කොල්ල කෑම සදහා එහි ආරක්‌ෂිත බැම්මෙන් ඇතුළුවීමට උත්සාහ කළ අවස්‌ථාවේ අසල්වැසියන්ගේ කෑ කෝ ගැසීම් හමුවේ සොරුන් දෙදෙනකු පලාගොස්‌ තිබෙන අතර එම සොරුන්ගේ පාවහන් සහ ආරක්‌ෂක හිස්‌ වැසුම් විහාරස්‌ථානයේ ආරක්‌ෂිත බැම්ම අසල තිබියදී ගම්වාසීන් සොයා විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සොරුන් යතුරුපැදියකින් පැමිණෙන බවට ප්‍රකාශ කරන ගම්වාසීන් මේ බව අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර තිබෙන බවද ගම්වාසීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔරුවල ප්‍රජා පොලිස්‌ කමිටුව සහ අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව එම කණ්‌ඩායම එක්‌ව රාත්‍රි සෝදිසි මෙහෙයුම් සිදුකරන බව එම ප්‍රජා පොලිස්‌ කමිටුව වැඩිදුරටත් සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site