Home C Gossip මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සනත් අනුනවයෙන් බේරෙයි

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සනත් අනුනවයෙන් බේරෙයි

318 views
SHARE

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පසුගියදා බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙක්ද සමගින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පස්දෙනෙක් තුවාල ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරිය ද එදින පෙරවරුවේ සිටියේ කාබුල්හි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ බවයි වාර්තා වන්නේ.

බෝම්බ පිපිරීම වන විට සිය කාර්යය අවසන් වී තිබූ හෙයින් නැවතත් සියරට එමින් සිටි ජයසූරිය අනතුරකින් තොරව ඩුබායිහි අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ළඟාවී සිටියා.

මේ දිනවල ඇෆ්ගනිස්ථානයේ පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරගාවලියේ කාබුල් ඊගල්ස් කණ්ඩායමේ අනුශාසක වරයා ලෙස කටයුතු කිරීම සඳහා ජයසූරිය එහි ගොස් තිබූ අතර ඔහුගේ කොන්ත්‍රාත් කාලය දින තුනයි.

පිපිරීම සිදුවන විට පැවැත්වෙමින් තිබූ ‘බූස්ට් ඩිෆෙන්ඩර්ස්’ සහ ‘මිස් අයිනාක් නයිට්ස්’ තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළේද ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වූ ග්‍රැහැම් ලැබ්රෝයි.

මරාගෙන මැරෙන බෝම්බකරු ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී එහි ආරක්ෂකයන් ඔහුව පරික්ෂාවට ලක් කිරීම සඳහා ආරක්ෂක මුර පොළක් අසල නතර කළ අවස්ථාවේදී බෝම්බය පුපුරවාගෙන ඇති බව සඳහන්.

එම අනතුරෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ පොලිස් මාධ්‍ය ප්‍රාකාශක බාසිර් මුජාහිද් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා ඇත්තේ එරට ආරක්ෂක නිලධාරීන් තමන්ගේ ජීවිත පූජාකරමින් ක්‍රීඩාංගණය තුළ සිටි නරඹන්නන් ආරක්ෂා කළ බවයි.

ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඉතා ආරාක්ෂාකාරී තත්ත්වයක පසුවන බවද ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු වන ෆරීද් හෝතක් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site