Home News Breaking කුඩා දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් ඉවත් කළ සැත්කම PHOTOS

කුඩා දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් ඉවත් කළ සැත්කම PHOTOS

116 views
SHARE

අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් පවසනවා.

වගාවන් වලට හානි කරන රිලවුන් එළවා දැමීම සඳහා භාවිතා කරන වායු රයිපලයක් පත්තුවීම නිසා කෑගල්ලේ දරුවෙකු අනතුරට ලක්වී කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබුණා.

මුලික ප්‍රථිකාර කර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට දරුවා මාරු කර යැවූ බවයි වාර්තා වන්නේ.

සැත්කම කළ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ උගුර,කණ, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර ඇතුල්ගම පැවැසුයේ දරුවාගේ දකුණු කන අසලින් ඇතුල් වි ඇති උණ්ඩය වම් පැත්තේ හිස් කබල දක්වා ගමන් කර ඇති බවයි.

ඉන් හිසේ ඇති ධමනියට හානි වුවානම් දරුවාගේ ජීවිතයට හානි විමට තිබු බවද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර පෙන්වා දෙනවා.

පේරාදෙණි සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ මෑතකදි ස්ථාපනය කරන ලද හදවත් කැතීටර් කරන ඒකකය තුල ඇති නවීන ඒකකයේ ඒක්ස් කිරණ යන්ත්‍රය මගින් එම උණ්ඩය ඇති තැන තහවුරු කර ගැනිම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය සුනේත්‍රා ඉරුගල්බණ්ඩාරගේ සහායද නොවඩුව ලැබුණු බව වෛද්‍යවරයා සඳහන් කරනු ලැබුවා.

සැත්කම සාර්ථකව නිම කිරීම සදහා පේරාදෙණිය ළමා රෝහලේ නිර්වින්දන අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි ඇතුළු කාර්ය මණ්ඩලයේ ද සහාය ඇතිව මෙම සැත්කම සාර්ථකව නිම කළ බව විශේෂඥ වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම කියා සිටියා.

මෙවැනි අන්තරාදායක උපකරණ දරුවන්ට අසුවිය නොහැකි තැන් වල තැබිය යුතු බවත් දෙමාපියන් මෙයිට වඩා දරුවන් ගැන සෝදිසියෙන් සිටිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ ළමා ශෙල්‍ය දැඩිසත්කාර ඒකකය භාර නිර්වින්දන අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි පැවැසුවේ සැත්කමින් පසු කෘතිම ස්වසන යන්ත්‍ර ආදාරයෙන් සිටි දරුවාගේ තත්ත්වය ඉතා යහපත් මට්ටමකට පත්වෙමින් තිබෙන බවයි.

 

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site