Home C Gossip පිටියම දෙවනත් කරන කවුද මේ අසේල

පිටියම දෙවනත් කරන කවුද මේ අසේල

415 views
SHARE

ඊයේ පිට පිට දෙවැනි වරටත් ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව T 20 ක්‍රිකට් තරගය ජයගත් පසු එම ජයග්‍රහණ දෙකම පසුපසින් සිටි අසේල ගුණරත්න නමැති අලුත් ක්‍රීඩකයා ගැන රටේම අවධානය යොමු වී තිබෙනවා.

1986 ජනවාරි මස 8 වැනි දින උපත ලැබූ දොවුන්දෙගෙදර අසේල සම්පත් ගුණරත්න මහනුවර ගම් පළාතේ අයෙකි.

ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයේයි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව, ඔහු ශ්‍රී ලංකා යුද හමුදා සේවයට ගියා.

6 වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුවේ ඔහු සේවය කර තිබුනේ කාලතුවක්කු නිලධාරියෙකු ලෙසින්.

පාසල් කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට ආසා කළ ඔහුට යුද හමුදාවේ සේවය අතරතුර ඒ සඳහා අවස්ථාව ලැබී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කළා.

පසු කාලීනව ඔහු යුද හමුදා පිළේ නායකයා බවට පත් වුණා. අනතුරුව ඔහු Mohammedan ක්‍රීඩා සමාජයට බැඳී සිය ක්‍රිකට් දක්ෂතා වැඩිදියුණු කර ගෙන තිබෙනවා.

ප්‍රහාරකයෙකු ලෙස ඔහු යුද හමුදා පිලේ ප්‍රසිද්ධියට පත්වූවෙක්. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් පිලට බොහෝ ජයග්‍රහණ ඔහු නිසා හිමි වුණා.

ඔහු මීට වසරකට පෙර 2016 පෙබරවාරියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි20 තරගයකට මුල්වරට තොරා ගත් අවස්ථාවේ රැස් කළ හැකිවූයේ ලකුණු 4 කි. ඕවර 2 යි පන්දු 5 ක් යවා ලකුණු 22 ක් දුන්නත් කඩුළු ලබා ගැනීමට සමත් වුයේ නෑ.

ඔහු නැවත ටෙස්ට් තරග හා එක්දින තරග සඳහා තෝරාගන්නේ 2016 ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදීයි.

කෙසේ නමුත් අසේල ගුණරත්න සිම්බාව්වේ ටෙස්ට් හා එක්දින තරගාවලියේත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේත් ඉදිරියෙන්ම සිටි පිතිකරුවෙක් වනවා.

මොහුට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් අවස්ථාව දීමට කණ්ඩායම තෝරන නිලධාරීනට නැණ නුවණ පහළ වුවානම් එම ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලයන් ද මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණ බව විචාරකයින් සඳහන් කළා.

අසේලගේ දක්ෂතා සටහන.

cnews.lk

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, ,either