Home News Breaking කටුකුරුන්දේ යාත්‍රා අනතුරට හේතු කිහිපයක්

කටුකුරුන්දේ යාත්‍රා අනතුරට හේතු කිහිපයක්

172 views
SHARE

කළුතර – කටුකුරුන්ද මුහුුදු සීමාවේදී සිදුවූ යාත්‍රා අනතුරට හේතුව ප්‍රමාණය ඉක්මවා පුද්ගලයින් ගමන් කිරීම බවට හෙළිව තිබෙනවා.

යාත්‍රාව පෙරළී යන අවස්ථාවේදී එහි පුද්ගලයින් 41 දෙනෙකු ගමන් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

යාත්‍රා අනතුරෙන් 11 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු බේරාගෙන ඇති අතර, එක් අයෙකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කළුතර දකුණ පොලීසිය සඳහන් කළා.

ඊයේ පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුවුණේ කළුතර – කටුකුරුන්ද වෙරළ තීරයේ සිට කිලෝමීටර් 3 ක් පමණ ගැඹුරු මුහුදේදීයි.

මෙලෙස අනතුරට ලක්වුනේ බේරුවල – ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් පැවති බෝට්ටු පෙරහරකට එක්වූ බහුදින යාත්‍රාවක්.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී එහි ගමන් කළ කිසිදු පුද්ගලයෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ නොතිබීම ජීවිත හානි වැඩිවීමට හේතුවී ඇති බව පොලීසිය සඳහන් කළා.

එමෙන්ම බහුදින යාත්‍රාව නියමිත බරට වඩා අඩු බර ප්‍රමාණයකින් යුක්ත වීමද මෙම අනතුරට තවත් හේතුවක් වන බව වාර්තාවනවා.

මීට අමතරව යාත්‍රාව හැරවීම සිදුකරන විට නියමිත වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කර තිබීම ද අනතුරට තවත් එක් හේතුවක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site