Home News Breaking සැක කටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී සොරකමක් හෙළිවෙයි

සැක කටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී සොරකමක් හෙළිවෙයි

321 views
SHARE

පිටකෝට්ටේ – රජමාවත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස මෝටර් රථයකින් සැරිසරමින් සිටි පුද්ගලයෙකු ඊයේ මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මෝටර් රථය නවතා පරික්ෂා කිරීමේදී සැකකරුට එම රථය සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව සඳහන්.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කොල්ලූපිටියේ පිහිටි සමාජශාලාවකදී හඳුනාගත් පුද්ගලයෙකුගෙන් මෙම රථය උකසට ලබාගෙන ඇති බවයි.

එම රථය කොල්ලූපිටිය ප්‍රදේශයෙන් වාහන ලබාදෙන ආයතනයකින් සමාජශාලාවේදී හඳුනාගත් පුද්ගලයා ලබාගෙන ඇති අතර එම රථය නැවත ලබාදී නොමැති බවට අදාළ ආයතනය විසින් 2016 වසරේ ජූනි මාසයේදී කොල්ලූපිටිය පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site