Home News Breaking අල්ලස් කොමිසමේ ඉදිරි කටයුතු වලට සහය දීමට නාමල් එකඟවෙයි

අල්ලස් කොමිසමේ ඉදිරි කටයුතු වලට සහය දීමට නාමල් එකඟවෙයි

249 views
SHARE

ඉදිරියෙදී සිදුකරන විමර්ශන වලට අදාලව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව විසින් එම කොමිසම ඉදිරියේ පෙනීසිටින ලෙස නියෝගය කළ හොත් ඒ අනුව කටයුතු කරන ලෙස ශ්‍රේෂඨාධීකරණය පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රජපක්ෂට නියෝග කළා.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අලල් හෝ් දුෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති පෙත්සමේ විභාගයේ කටයුතු අද අවසන් කළා.

මීට පෙර අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයන් විසින් ඇතිකරගත් එකඟතාවයට අනුව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ නාමල් රාජලක්ෂ පෙනී සිටි බවට කොමිසමේ නිළධාරීන් අද අධිකරණයට ප්‍රකාශ කළා. එහි නිළධාරීන් තවදුරටත් ප්‍රකාශ කලේ මේ සම්බන්ධයෙන් කොමිසමෙන් පවත්වන විමර්ශනය තවමත් අවසන් වී නැති බවයි.

මෙහිදී තාමල්ගේ නීතිඥයෙන් අධිකරණයට පැවසුවේ ඉදිරියේදී කොමිසම විසින් සිදුකරන නියෝග සහ කැඳවීම් සම්බන්දයෙන් නාමල් රාජපක්ෂ පූර්ණ සහය ලබා දීමට කටයතු කරන බවයි. අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියසාද් ඩෙප්, බුවෙනෙක අළුවිහාර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම අද කැඳවා තිබුණා.

යතා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන මෙන් අවස්ථා කිහිපයකදී පා.ම. නාමල් රාජපක්ෂ ට දැනුම් දී තිබුණා.

එහෙත් එම දිනුම්දීම නොසලකා හරිමින් නොපැමිණීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට අපහාසයක් සිදු කලේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ශේෂ්ඨාධිකරණය වෙත ගොනුකර තිබූ පෙත්සමේ කටයුතුයි මෙසේ අද අවසන් කලේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site