Home News Business අමෙරිකානු ඩොලරයේ අගය වැඩිකළේ ටෙම්පල්ටල්ලු

අමෙරිකානු ඩොලරයේ අගය වැඩිකළේ ටෙම්පල්ටල්ලු

274 views
SHARE

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ටෙම්පල්ටල් අරමුද‍ලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බව රජය පවසනවා.

එයට හේතු වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බව රජයේ ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ඩොලර් බිලියන 8ක ප්‍රමාණයක් නැවත ගැනීමට ටෙම්පල්ටන් අරමුද‍ලේ ප්‍රධානී මාර්ක් හෝබ්යන්ස් පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීමත් සමගම ඩොලරයේ අගය ඉහළ ගිය බව රජයේ ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා.

අමෙරිකානු ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අගය වන ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් ද විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් ද මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ (23) දිනයේ දී වාර්තා වුනා.