Home News Breaking කළු ගඟ ව්‍යාපෘතියේ පස් කන්ද නිසා 2ක් ජීවිතක්ෂයට PHOTOS

කළු ගඟ ව්‍යාපෘතියේ පස් කන්ද නිසා 2ක් ජීවිතක්ෂයට PHOTOS

285 views
SHARE

කළු ගඟ ව්‍යාපෘතියේ පස් කන්දක් කඩා වැටීමෙන් එහි සේවය කල සේවකයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කැනීම් සිදුකරමින් තිබූ බැකෝ යන්ත‍්‍රයේ රියදුරු බව සදහන්.

තුවාල ලැබූ තවත් ලොරි රථ රියදුරෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අසල සේවයේ නිරතව සිටි තවත් එක් පුද්ගලයෙකු මේ වන විට අතුරුදන්ව තිබෙන බවත් එම පුද්ගලයා මතට අඩි පහක් පමණ උසට පස් කඩාවැටී ඇති බවත් C NEWS වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළ අතර පස් කන්ද නායයාමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අඩි 300 ක් පමණ උස මෙම පස් කන්දේ කොටසක් ඊයේ නායයාමෙන් අනතුර සිදුවු අතර පස් කන්දට යටවූ පුද්ගලයින් බේරා ගැනිමට ලග්ගල පොලිසිය සහ ප‍්‍රදේශවාසින් එක්ව කරනු ලැබුවා.

Save

Save