Home News Breaking විමල්ට ලැබුණු මහාධිකරණ අවසරය මෙන්න

විමල්ට ලැබුණු මහාධිකරණ අවසරය මෙන්න

758 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් රිමාන්ඩ් නියෝගයට එරෙහිව වීරවංශ කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත.

ප්‍රතිශෝධන අයදුම්පත ලබන මාර්තු 07 වැනි දා නැවත කැඳවීමට නියමිත යි .