Home News International තාලෙයිබාන් නායකයාගෙන් බලවත් ඉල්ලීමක්

තාලෙයිබාන් නායකයාගෙන් බලවත් ඉල්ලීමක්

302 views
SHARE

ඇෆ්ගනිස්තානය පුරා රුක් රෝපණය කරන මෙන් ඇෆ්ගනිස්ථානයේ තාලෙයිබාන් නායක හෙබතුල්ලා අක්හුන්දාසා සිය අනුගාමිකයන්ගෙන් බලවත් ඉල්ලීමක් කර තිබෙනවා. හඬ පටයක් ද සහිතව ඔහුගේ නමින් නිකුත්වී ඇති නිවේදනයේ දැක්වෙන්නේ ශාක මගින් සතුන්ට සහ මිනිසුන්ට ආහාර සැපයෙන බැවින් මුස්ලිම් භක්තිකයෙකු විසින් රුක් රෝපණය කරනු ලැබීම පුණ්‍යකර්මයක් බවයි. තාලිබාන් සටන්කරුවන්ගෙන් මෙන්ම ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය වැසියන්ගෙන්ද, තාලෙයිබාන් නායකයා මෙම ඉල්ලීමකර ඇත.

හිටපු නායකයා මරණයට පත්වීමෙන් පසු පසුගිය වසරේ මැයි මාසයේ සිට තාලිබාන් නායකත්වයට පත්වූයේ හෙබතුල්ලා අක්හුන්දාසායි. තාලෙයිබාන් හිටපු නායකයා මරණයට පත්වූයේ එක්සත් ජනපද හමුදා විසින් නියමුවන් රහිත ප්‍රහාරක යානා යොදාගනිමින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයකට ගොදුරුවීමෙනි. 2001 වසරේදී එක්සත් ජනපද හමුදා මැදිහත්වී තාලෙයිබාන් පාලනය පෙරළා දමන තුරු 1996 පටන් ඇෆ්ගනිස්ථානයේ වැඩි භූමිභාගයක් පාලනය කරනු ලැබුවේ තාලෙයිබාන් සංවිධානය විසිනි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site