Home News Breaking නවක වධය දෙන වධකාගාර 5ක් ගැන කරුණු අනාවරණය වෙලා

නවක වධය දෙන වධකාගාර 5ක් ගැන කරුණු අනාවරණය වෙලා

366 views
SHARE

නවක වධය ලබාදෙන තවත් වධකාගාර 5ක් පිළිබඳව කරුණු අනාවරණ වී ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ, ඊයේ මහනුවර පැවති උත්සවයකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

“සංවර්ධන වැඩකටයුතු කඩාකප්පල් කරන්න හැම තැනම උද්ඝෝෂණ.දැන් කවුද මේ? ආණ්ඩු හදන්න ඇමතිවරු හදන්න උද්ඝෝෂණ කරන්න හදන්නේ කවුද මේ? වධකාගාර තියාගන්නා අය.මේ වධකාගාර තියාගන්නා අය තමයි පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නේ. මේක හෙළිදරව් වුණේ, අපේ පූරුවේ වාසනාවකට. අපේ විශ්වවිද්‍යාල බලධාරීන්ගේ ශක්තිය නිසා මේ වධකාගාරය හෙළිදරව් වුණා. තව මේ වගේ වධකාගාර 5ක් තියනවා. මේ මහනුවර දිස්ත්‍රික්කයේ. අපිට එව්වා ගැන තොරතුරු ලැබිලා තියෙනවා. අප කථා කරනවා බෞද්ධ කම සිංහල කම ගැන ලෝකේ වෙනත් කිසිම රටක මේ වගේ වධකාගාර නෑ. වධකාගාර තියෙන එකම රට ලංකාව.අපි පක්ෂ භේදයෙන් තොරව ඒ ළමයි රැකගන්න කටයුතු කරන්න ඕන.”

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site