Home News Breaking කළුතර වෙඩි තැබීමේ අපරාධකල්ලිය හඳුනා ගැනේ PHOTOS

කළුතර වෙඩි තැබීමේ අපරාධකල්ලිය හඳුනා ගැනේ PHOTOS

2,057 views
SHARE

බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ ආරම්භ කළා. කළුතර දිස්ති‍්‍රක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව තුනක්. කොළඹ අපරාධ කොට්ඨාසය හා මිරිහාන විශේෂ අපරාධ මෙභෙයුම් ඒකකය ද පරික්ෂණ සිදුකරන බවයි මාධ්‍ය පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පවසන්නෙ.
ඔවුන් කි‍්‍රයාත්මක වන්නේ කොළඹ , කළුතර, නුගේගොඩ , අතුරුගිරිය ප‍්‍රදේශ ආවරණය වන පරිදි වන අතර සැකකරුවන් මාර්ගයේ රැඳී සිටි ස්ථාන ,ඔවුන්ට සහය ලබාදුන් අය හා බන්ධනාගාර බස් රථය පැමිණි මාර්ගය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා.

වෙඩි තැබිමෙන් මියගිය අරුණ දමිත් උදයංග භෙවත් සමයං නැමැත්තාට විරුද්ධව කි‍්‍රයාත්මකවූ කණ්ඩායම පොලීසියෙන් මේවනවිට හඳුනාගෙන තිබෙනවා. සැකකරුවන් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් පැමිණ ඇති බවයි විශ්වාස කෙරෙන අතර ඔවුන් පැමිණි කැබ් රථය පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ එහි ලියාපදිංචි අයිතිකරු පිළිබද පුළුල් විමර්ශන කි‍්‍රයාත්මක බවයි.මෙම බස් රථයට එල්ලවූ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙක් මියගිට අතර ඊට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුලත්. තවත් නිලධාරීන් හතර දෙනෙකු ඉන් තුවාල ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site