Home News Breaking අධ්‍යාපන ඇමතිගෙන් ගර්භනීය ගුරුවරියන්ට ඇඳුමක් PHOTOS

අධ්‍යාපන ඇමතිගෙන් ගර්භනීය ගුරුවරියන්ට ඇඳුමක් PHOTOS

311 views
SHARE

“ළගම පාසල හොදම පාසල” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල මලියදේව විදුහලට පාසල් ශ්‍රවණාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදෙමින් ඒ සඳහා මුල්ගල් තැබීම ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අතින් සිදුවිය.

එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කලේ සීග්‍රයෙන් වෙනස් වන ලෝකය තුල අනාගතය ජයගත හැකි අයුරින් සිදුකල යුතු වෙනස්කම් අදම සිදු කිරීමට පියවර ගත යුතු බවත් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල එම වෙනස්කම් සිදුකිරීමට වර්තමානයේ අප කටයුතු නොකළහොත් අනාගතයේදී දරුවන් අපට දොස් පවරනු ඇති බවයි.

පාසල් නිල ඇඳුම පවා වෙනස් වියයුතු කාලය එලඹ ඇති බවත් සඳහන්කල ඇමතිවරයා සම්ප්‍රධායික රාමුව තුල කොටුවී සිට තීන්දු තීරණ ගැනීමෙන් ඔබ්බට ගොස් අනාගතය ජයගත හැකි ගුණාත්මක බවින් ඉහල තීන්දු තීරණ ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කලා.

ඉදිරියේදී ගර්භනී ගුරුවරියන්ට පහසු ඇඳුමක් හඳුන්වා දීමට අදහස්කර ඇති බවද පැවසු අමාත්‍යවරයා ප්‍රායෝගිකත්වයට මුල්තැන ලබාදෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site